2019 දෙසැ 26 ට සුනාමි ව්‍යසනයට අවුරුදු 15 යි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

tsunami-sri-lanka
සුනාමි(Tsunami) ව්‍යසනයට 
අදට වසර 15යි

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක  පමණ පිරිසක් අතුරුදන් වුණි. ලෝක ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධ අනතුරක දී වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ මෙම දුම්රිය අනතුරෙනි.සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම සදහා 2005 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසනය නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික  කටයුතු වලට මුල් තැන දෙමින් දිවයින පුරා විවිධ වැඩසටහන් පැවැත්වෙයි.

මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන උත්සවය ගාල්ල, තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්විමට නියමිත බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස සිහිපත් කිරිම සදහා අද දිනයේ පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට කටයුතු යොදා අැත.

මේ අතර පැරෑලියේදී අනතුරට ලක්වූ දුම්රිය එංජිම සහිත විශේෂ දුම්රිය අද දිනයේ ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන එම දුම්රිය පෙරවරු 07.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරිමට නියමිතව අැත.

එම දුම්රිය පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී නතර කර  එම ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සුනාමී ව්‍යසනයෙන් එකම ස්ථානයේ විශාල පිරිසක් මියගියේ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ දීය. මෙයින් දුම්රිය මැදිරි 8ක සිටි මගීන් 1700කට අධික ප‍්‍රමාණයක් මියගොස් තිබූ අතර 100කට පමණ තුවාල සිදුවිය. යම් පිරිසක් දිවිගලවා ගැනීමට ද සමත්ව ඇත.

2004 සුනාමියෙන් රටවල් 11 කට හානි සිදුව තිබේ. මෙය රිට්ටර් මාර්පකයේ 9.3 ක් ලෙසින් සටහන් විය. මෙයින් වැඩිම ජීවිතහානී සිදුවූයේ ඉන්දුනීසියාවටය. එම රටේ මිනිසුන් 237,071 ක් මියගිය අතර 1,13,937 ක් අතුරුදන් විය. දෙවැනි වැඩිම විනාශය සිදුවූයේ ශ‍්‍රී ලංකාවටය. ලංකාවේ මිනිසුන් 30,957 ක් මියගිය අතර 4698 ක් අතුරුදන් විය. ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 16,389 කි. එහි 5554 ක් අතුරුදන් වී තිබේ. තායිලන්තයේ 5393 ක් මියගිය අතර 2994 ක් අතුරුදන් විය. මාලදිවයිනේ 82 නෙක් මියගොස් 26 දෙනෙක් අතුරුදන් වූ අතර මැලේසියාවේ 68 දෙනෙකු මියගොස් තිබේ. මියන්මාරයේ 61 දෙනෙක් ද, බංගලාදේශයේ 2ක් ද, කෙන්යාවේ 1 අයෙක්ද මියගොස් තිබේ.

සියලු රටවල්හි අතුරුදන් වූ ප‍්‍රමාණය 1,27,209 ක් වන අතර ඉතා සුළු පිරිසක් හැර මෙයින් බහුතරය ද ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සිතිය හැකිය.

මෙයින් ශ‍්‍රි ලංකාවේ අම්පාර, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කයන්හි 30,957 ක් මියගොස් 4698 ක් අතුරුදන් විය. තුවාලලැබූ පිරිස 21,441 කි. ළමයින් 3954 කට මව හෝ පියා අහිමි වූ අතර ළමුන් 979 කට මව හා පියා යන දෙදෙනාම අහිමි විය. සුනාමියෙන් රට පුරා නිවාස 41000 ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර 29500 ක් නිවාස අර්ධ වශයෙන් හානියට පත්විය. අවතැන් වූ සංඛ්‍යාව 80,000 ක් විය. පාසැල් 152 ක් හා පාලම් 10 ක් විනාශයට පත්විය. දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 160 ක් විනාශ වූ අතර කිලෝ මීටර් 7000 ක් පමණ විදුලි රැහැන් විනාශයට පත්විය. මෙම විදුලි රැහැන්වල වටිනාකම රුපියක් බිලියන 12 කි. ඔරු, බෝට්ටු 15300 ක් විනාශයට පත්වූ අතර, විනාශ වූ මාදැල් වල වටිනාකම රුපියල් දස ලක්ෂ ගණනකි. සුනාමී ව්‍යසනය හේතුවෙන් රුපියල් 5000ක රජයේ දීමනාව පමණක් 2,34,000 කට ලබා දී ඇත. ධීවර, සංචාරක මෙන්ම වෙරළ ආශ‍්‍රිත සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත රැසක් විනාශයට පත් වූ අතර, එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 25 කට අධිකය.

බෞද්ධ විහාරස්ථාන 79ක් විනාශයට පත්විය. ඒ ගාල්ල 32 ක්, මාතර 22 ක්, හම්බන්තොට 14 ක්, කළුතර 5ක්, කොළඹ 3ක්, ගම්පහ 1ක් හා ත‍්‍රිකුණාමලයේ 2ක් වශයෙනි. මෙයින් වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් විනාශයට පත්ව තිබුණේ ගාල්ල දිස්ත‍්‍රික්කයේය. එයින් විහාරස්ථාන 14ක් බළපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. මුස්ලිම් පල්ලි, ක‍්‍රිස්තියානි දේවස්ථාන, සුරුවම්, කෝව්ල් හා හින්දු දේවස්ථාන ද විශාල වශයෙන් විනාශයට පත්විය.

සුනාමී (Tsunami) යනු ජපන් වචනයකි. ජපන් භාෂාවෙන් සූ (Tsu) යනුවෙන් හදුන්වන්නේ වරායයි. තරංගය, නාමී (Nami) යනුවෙන් හදුන්වයි. මේ අනුව වරාය තරංගය යන අරුත, සුනාමී යන්නෙහි ගැබ් වී ඇත. භූකම්පන මෘදු තරංගයක් (Seismis Sea Wave) ලෙසද සුනාමිය හැඳින්විය හැකිය. මේ අනුව බලන විට උදම් රළ (Tidal Wave) යනුවෙන් සුනාමිය හැදින්වීම වැරදි සහගතය. සුනාමිය, උදම් රළ යනුවෙන් අර්ථ දක්වන්නේ මුහුද ගොඩ ගැලීම, දැවැන්ත රළ, ආදිය සැලකිල්ලට ගනිමිනි.

ඉදිරි සුනාමියක දී ජීවිත දේපළ රැකගැනීමට 2004 සුනාමියෙන් උගත් පාඩම් වැදගත්වේ.

Share This:
Related Posts:

Post Top Ad