රූ රැජිණන්ගේ කිරුළ යට තියෙන රූපලාවන්‍ය බහුජාතික අව­තාර - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

caroline-jurie-beauty
රූ රැජිණන්ගේ කිරුළ යට තියෙනරූපලාවන්‍ය බහුජාතික අව­තාර

ස්ත්‍රී සුන්ද­ර­ත්වය පිළි­බඳ සාම්ප්‍ර­දා­යික අද­හස් සංස්කෘ­තීන් හා පර­ම්ප­රා­වන් අතර වෙනස් වේ. රවුම්, පුළුල් වටො­රක් සහිත සුර­තල් කාන්තා­වන් සඳහා ලතින් ඇම­රි­කානු අගය කිරී­මක් ඇත. ඕව­ලා­කාර මුහුණු, කළු හිස­කෙස් සහ සාමාන්‍ය උස පිළි­බඳ ආසි­යානු අගය කිරී­මක් ඇත. ඉන්දි­යානු සහ අප්‍රි­කානු අගය කිරීම වූයේ සෞඛ්‍ය සම්පන්න බරක් ඇති කාන්තා­වෝය. මෙම ඒකා­කෘති අතී­තයේ දී සත්‍ය වූවත් ගෝලී­ය­ක­ර­ණය මඟින් අලං­කා­රය පිළි­බඳ සාම්ප්‍ර­දා­යික මතය වෙනස් කෙරෙ­මින් පවතී.
 අන්ත­ර්ජා­තික රූප­ලා­වණ්‍ය තරග මඟින් ප්‍රචා­රය වන පරිදි බොහෝ සමා­ජ­යන් දැන් අන්ත­ර්ජා­තික රූප­ලා­වණ්‍ය ප්‍රමි­ති­යක් තක්සේරු කර­මින් සිටී. ඒ ප්‍රමි­තිය මත ආධි­පත්‍යය පතු­රු­වන ප්‍රමි­ති­ක­රු­වන් වන යුරෝ අම­රි­කානු රට­වල් ලස්සන පිළි­බඳ නිර්ණා­යක අපට සකස් කර දෙයි.

සමා­ජ­යන් බොහෝ සංස්කෘ­තිය මඟින් ශක්ති­මත් කෙරෙන සම්ම­ත­යන් වර්ධ­නය කරයි. ආය­ත­නික වෙ‍ෙළඳ නාම­ක­ර­ණය සහ වෙ‍ෙළඳ දැන්වීම් මඟින් බහු­ජා­තික සමා­ගම් වැඩි වැඩි­යෙන් සම්ම­ත­යන් වර්ධ­නය කර­මින් සිටී. වෙ‍ෙළඳ සන්නා­ම­යන් නර­ඹ­න්නන් සඳහා සමාජ තත්ත්වය, විලා­සි­තා­මය නගර, සිනමා තරු සහ ආකෘති සහ ආදර රූප සමඟ චිත්ත­වේ­ගීය සම්බ­න්ධ­තාව ඇති කිරී­මට උත්සාහ කරයි.

ගෝලී­ය­ක­ර­ණය මඟින් ලොව පුරා සමා­ජ­යන් අතර අන්තර් ක්‍රියා­කා­රි­ත්වය සහ ඒකා­බ­ද්ධ­තාව වැඩි වන හෙයින්, “සුන්දර දේ” යන්නෙහි අර්ථ දැක්වීම් ද පොදු විශ්වීය දෙයක් වෙයි. බට­හිර සුන්ද­ර­ත්වයේ ප්‍රමි­තිය ගොඩ­නැ­ඟීම තුළ ඇත්තේ හුදෙක් සුන්ද­ර­ත්වයේ ආධි­පත්‍ය නිරූ­ප­ණය කිරීම පම­ණක් නොව, ලස්සන සහ ලස්සන නැති දේ යනු අප තෝරා බේරා­දෙන දෙයයි යන බට­හිර අණෙහි පැවැත්ම ද වෙයි.

 ලස්සන විකු­ණන සමා­ග­ම්වල නිරු­වත් සෙල්ලම් 

නව වෙ‍ෙළ­ඳ­පළ කරා තව­දු­ර­ටත් ව්‍යාප්ත වෙමින් පව­තින රූප­ලා­වණ්‍ය ක්ෂේත්‍රයේ යුරෝ­පීය සහ ඇම­රි­කානු සමා­ගම්, ඔවුන්ගේ නිෂ්පා­දන සමග ලස්සන කාන්තා­වන්ගේ රූප විශාල වශ­යෙන් ප්‍රචා­රය කරති. දෙව­නුව, රූප­ලා­වණ්‍ය සංද­ර්ශන, තරග ඇතු­ළුව එක්සත් ජන­පද චිත්‍ර­පට සහ රූප­වා­හිනී සංද­ර්ශන ලොව පුරා සින­මා­හල් සහ රූප­වා­හිනී මධ්‍ය­ස්ථා­න­වල ආධි­ප­ත්‍යය දර­මින් බට­හිර සුන්ද­ර­ත්වයේ පර­මා­ද­ර්ශ­යන් ප්‍රක්ෂේ­ප­ණය කරයි. සංව­ර්ධිත රට­ව­ල්ව­ලින් පිටත පරි­ධියේ රට­ව­ල්වල ද නාස්ති කළ හැකි ආදා­ය­මක් සහිත මධ්‍යම පන්ති­යක් සිටින අතර, ඔවුන් තම ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අපේ­ක්ෂා­වෙන් මෙම නිෂ්පා­දන මිලදී ගනී.

සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල බොහෝ දෙනෙක් ලස්ස­නෙහි යුරෝ­පීය මොඩ­ලයේ වස­ඟ­යට නතු වී සිටීම ඔවුන්ගේ ආර්ථි­ක­යන් සූරා කෑම සදහා විසල් අව­කා­ශ­යක් රූප­ලා­වණ්‍ය කර්මා­න්ත­යට විවෘත කර දී තිබේ. මේ අනුව, ලෝක රූප­ලා­වණ්‍ය තර­ගා­වලි යනු යුරෝ-ඇම­රි­කානු සංස්කෘ­තික අධි­රා­ජ්‍ය­වා­දයේ සහ ඒ හා ඈඳුණු ගෝලීය රූප­ලා­වණ්‍ය කර්මා­න්තයේ ආධි­ප­ත්‍යය විසින් මුළු­ම­නින්ම ගිල­ගත් දෙයක් බව පිළි­ගැ­නී­මට සාක්ෂි ඕනෑ තරම් තිබේ.

ලස්සන කර්මා­න්තයේ ඉන්දීය ආක්‍ර­ම­ණය

1990 දශ­කයේ ආර­ම්භක කාල වක­වා­නුව වන විට ගෝලීය රූප­ලා­වණ්‍ය සමා­ග­ම්වල උකුසු ඇස අති විශාල ජන­ග­හ­න­යක් සහිත ඉන්දි­යාව දෙසට යොමු වෙමින් තිබිණි. මේ කාල වක­වා­නුව වනාහි, ලස්සන සම්බ­න්ධ­යෙන් ඒ වන විටත් ගොඩ නඟා තිබුණු කෙකේ­සි­යානු මොඩ­ලයේ යුරෝ ඇම­රි­කානු අධි­පති මතය කළු ජාතික වෙළෙ­ඳ­පළ ආක්‍ර­ම­ණය කිරීමේ අර­මුණු සහ­ග­තව ලිබ­ර­ල්ක­රණ කෙරෙ­මින් තිබුණු කාල වක­වා­නුව වේ. 1994 දී අයි­ශ්වර්යා රායි සහ සුෂ්මිතා සෙන් පිළි­වෙ­ලින් ලෝක රූ රැජින සහ විශ්ව රූ රැජින තරග ජය­ග්‍ර­හ­ණය කිරී­මෙන් අන­තු­රුව, ඉන්දි­යාව සහ දකුණු ඉන්දි­යානු කලා­පය පුරා රූප­ලා­වණ්‍ය ආලේ­පන අලෙ­වියේ විසල් වර්ධ­න­යක් සිදු විය.

බහු ජාතික රූප­ලා­වණ්‍ය සමා­ග­ම්වල මැදි­හ­ත්වීම මත, 1996 දී මිස් වර්ල්ඩ් රූප රාජිනී තර­ගය ඉන්දි­යාවේ පව­ත්වන ලදී. මිස් වර්ල්ඩ් තර­ගා­ව­ලි­යෙන් පසුව රූප­ලා­වණ්‍ය කර්මා­න්තය ඉන්දි­යාවේ ප්‍රාන්ත­යක් සහ ගමක් පාසා ප්‍රබල බල­පෑ­මක් ඇති කළේය. ඉන් අන­තු­රුව එළැ­ඹුණු වසර කිහි­ප­ය­ක­දීම ඉන්දි­යානු කාන්තා­වන් කිහිප දෙනෙ­කුම ලෝක රූ රැජින කිරුල දිනා­ගැ­නීම ඉන්දි­යානු කලා­පයේ මහ­ජ­න­තා­වට, විශේ­ෂ­යෙන් ගැහැනු ළම­යින්ට සහ කාන්තා­වන්ට විශාල මාන­සික බල­පෑ­මක් ඇති කළේය. ඔවුන් සිත­න්නට පටන් ගත්තේ ඉන්දි­යානු ගැහැනු ළම­යින් පවා ලොව පුරා සුන්දර ලෙස සල­කනු ලබන අතර, බට­හි­ර­යන් එය පිළි­ගත් විට එය වඩාත් ගෞර­ව­නීය වී තිබෙන බවය. මේ අනුව රූප­ලා­වණ්‍ය ආලේ­පන ප්‍රව­ර්ධ­නය හා අලෙ­විය ඉන්දි­යාවේ නව උස­කට පැමි­ණි­යේය.

වර්ෂ 2013 වන විට ඩොලර් මිලි­යන 950ක් ලෙස ඇස්ත­මේන්තු කර තිබුණු ඉන්දි­යානු විල­වුන් හා රූප­ලා­වණ්‍ය කර්මා­න්තය 2020 වන විට ඩොලර් බිලි­යන 2.68 ක් දක්වා තුන් ගුණ­ය­කින් වැඩි වනු ඇතැයි එරට විශේ­ෂ­ඥ­යන් පවසා තිබේ. ඉන්දි­යානු රූප­ලා­වණ්‍ය හා රූප­ලා­වණ්‍ය වෙළෙ­ඳ­පළ වාර්ෂික වර්ධ­නය ඉදිරි වස­ර­ව­ලදී 15% සිට 20% දක්වා පරා­ස­යක පව­තිනු ඇතැයි ඇස්ත­මේන්තු කර ඇති අතර, එය එක්සත් ජන­පද හා යුරෝ­පීය වෙ‍ෙළ­ඳ­ප­ළ­ව­ලට වඩා දෙගු­ණ­යක වර්ධ­න­යක් වෙයි.

ලස්සන ආක්‍ර­ම­ණි­කයා චීනය දෙසට


ඉන්දි­යානු කලා­පයේ ළඳුන් රූප­ලා­වණ්‍ය සමා­ග­ම්වල අණ­සක යට­තට ගත් පසු, ඔවුන්ගේ ඊළග ඉල­ක්කය වූයේ අග්නි­දිග ආසි­යානු කලා­පයේ වෙළෙ­ඳ­ප­ළ­ලයි. චීනය යනු ලොව විශා­ල­තම වෙළෙ­ද­පළයි. ලස්සන පිළි­බද යුරෝ ඇම­රි­කානු කොකේ­සි­යන් නිර්ණා­ය­ක­ව­ලින් පිටු­ව­හල්ව සිටි අග්නි­දිග ආසි­යානු ළඳුන් කරා රූප­ලා­වණ්‍ය වෙළෙ­ඳ­පොළ ගමන් කර­වී­මට නම් යම් වෙන­සක් සිදු විය යුතුය. 2004 සහ 2012 යන වර්ෂ­වල දී ලෝක රූප රාජිනී තරග සත්කා­රක රට බවට චීනය පත් වන අතර, 2007 සහ 2012 යන වර්ෂ වලදී මිස් වර්ල්ඩ් ලෙස කිරුළ පල­ඳින්නේ චීන ළඳුන් ය. 2012 දී මිස් වර්ල්ඩ් සත්කා­රක රට බවට තවත් අග්නි­දිග ආසි­යානු රාජ්‍ය­යක් වන ඉන්දු­නී­සි­යාව පත් වන අතර, 2013 වර්ෂයේ මිස් වර්ල්ඩ් කිරුළ යළිත් එම කලා­ප­යේම පිලි­පී­නය දිනා ගත්තේය.

එම සෙල්ලම හමාර වන විට එම කලා­පය තුළ, යුරෝ ඇම­රි­කානු, චීන සහ ජපන් රූප­ලා­වණ්‍ය සමා­ගම් තම පැවැත්ම මැන­වින් තහ­වුරු කගෙන හමාර ය. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සමී­ක්ෂ­ණ­ය­කින් හෙළි වූයේ චීනය, මැලේ­සි­යාව, පිලි­පී­නය සහ දකුණු කොරි­යාව ඇතුළු ඇතුළු අග්නි­දිග ආසි­යානු කාන්තා­ව­න්ගෙන් සිය­යට 40කට ආසන්න සංඛ්‍යා­වක් නිති­පතා සම සුදු කිරීමේ නිෂ්පා­දන භාවිතා කරන බවය. වර්ෂ 2017 දී ගෝලීය සම සුදු කිරීමේ වෙ‍ෙළ­ඳ­පොළ වටි­නා­කම පම­ණක් ඇම­රි­කානු ඩොලර් බිලි­යන 4.8 ක් වූ අතර, (අනෙ­කුත් රූප­ලා­වණ්‍ය නිෂ්පා­ද­න­වල වෙළෙ­ඳපොළේ වටි­නා­කම මෙයට වඩා ඉතා විශාල වෙයි.) 2027 වන විට එය ඇම­රි­කානු ඩොලර් බිලි­යන 8.9ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ආසි­යානු රට­වල් එහි ප්‍රධාන ඉල­ක්ක­යක් බවට පත්ව ඇත.

බහු­ජා­තික සමා­ග­ම්වල උකුසු ඇස අප්‍රි­කා­වට කැර­කෙයි

මෑතක් වන තෙක්ම අප්‍රි­කාව සැල­කුවේ ඉතා දිළිඳු ජන­තා­වක් සිටින රට­වල් ලෙස ය. එබැ­වින් ඔවුන් ඉලක්ක කිරීම වැඩි ලාබ­යක් ලැබිය හැකි කාර­ණා­වක් නොවන බව රූප­ලා­වණ්‍ය කර්මා­න්ත­ක­රු­වන්ගේ තක්සේ­රුව විය. එහෙත්, බොහෝ අප්‍රි­කානු රට­වල් තුළ මේ වන විට ගෝලීය නවී­ක­ර­ණ­යන් සිදු වෙමින් පව­තියි. අප්‍රි­කානු මධ්‍යම පන්තිය වේග­යෙන් වර්ධ­නය වන අතර, එය පසු­ගිය වසර 30 තුළ තුන් ගුණ­ය­කින් වැඩි වී ඇත.

වර්ත­මා­නයේ අප්‍රි­කානු මහා­ද්වී­පය පුරා බිලි­ය­න­ය­කට වඩා වැඩි ජන­ග­හ­න­යක් සිටින අතර, ජන­ග­හන වර්ධ­නය වේග­යට අනුව ඉදිරි පනස් වසර තුළ දී එය බිලි­යන 3ක ජන­තා­වක් කරා ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැ­වින් පාරි­භෝ­ගි­ක­යන්ගේ ඇස්ත­මේ­න්තු­ගත ප්‍රමා­ණය පම­ණක් සලකා බැලීමේ දී අප්‍රි­කානු රූප­ලා­වණ්‍ය වෙ‍ෙළ­ඳ­පළේ විභ­වය අති­ම­හත් ය. ජන­ග­හන වර්ධන පැති­කඩ ඉවත දැමිය හැකි ආදා­යමේ ඉහළ යෑම සමඟ ධනා­ත්ම­කව සම්බන්ධ වී ඇති අතර, 2030 වන විට වැඩිම ජන­ග­හ­න­යක් සහිත අප්‍රි­කානු නගර 18ට ඩොලර් ට්‍රිලි­යන 1.3 ක ඒකා­බද්ධ විය­දම් ශක්ති­යක් තිබිය හැකි බවට ඇස්ත­මේ­න්තු­ගත කර තිබේ.

මේ තත්ත්වය විසින් කළු මහා­ද්වී­පය පුරාම විල­වුන්, සුවඳ විල­වුන් සහ රූප­ලා­වණ්‍ය නිෂ්පා­දන සඳහා නව වෙළෙ­ද­ප­ළක් නිර්මා­ණය කෙරෙ­මින් පවතී. 2001 වර්ෂයේ දී නයි­ජී­රියා කළු ජාතික තරු­ණි­යක වන ඇග­බානි ඩැරීගෝ (Agbani Darego) ලෝක රූ රැජන තර­ගයේ ජය­ග්‍රා­හි­කාව වීමෙන් අන­තු­රුව, එතෙක් අප්‍රි­කානු අඳුරේ ගිලී තිබුණු රූප­ලා­වණ්‍ය වෙළෙ­ඳ­පොලේ ෆ්ලෑෂ් ලයිට් දැල්වෙ­න්නට පටන් ගැනිණි. ඊට සම­ගා­මීව නොලි­වුඩ් (Nollywood) වැනි සිනමා කර්මා­න්තය ද අප්‍රි­කානු කලා­පය තුළ ප්‍රව­ර්ධ­නය විය.

මෙකී සාධක අනුව, බහු ජාතික රූප­ලා­වණ්‍ය සමා­ග­ම්ව­ලට අප්‍රි­කානු මහා­ද්වී­පය සංව­ර්ධිත රට­ව­ලින් පිටත වර්ධ­නය වීමට අපේක්ෂා කරන වෙළෙ­ඳ­පො­ළක් සඳහා හොඳ ඉල­ක්ක­යක් බවට පත් වී ඇත. රූප­ලා­වණ්‍ය හා පෞද්ග­ලික සත්කා­රක නිෂ්පා­දන ක්ෂේත්‍රයේ සිය­ලුම ප්‍රධාන බහු ජාතික රූප­ලා­වණ්‍ය සමා­ගම් ඩොලර් බිලි­යන විස්ස ද ඉක්ම­වනු ඇතැයි තක්සේරු කර තිබෙන වෙළෙ­ඳ­පොළ උත්පා­තය අත්පත් කර­ගැ­නීම සඳහා උපාය මාර්ග ක්‍රියා­ත්මක කර ඇත.

ඉදිරි සිව් වසර තුළ මෙම වෙළ­ඳ­පළ වස­ර­කට සිය­යට 6.4කින් වර්ධ­නය වනු ඇතැයි අන්ත­ර්ජා­තික වෙ‍ෙළ­ඳ­පළ පර්යේ­ෂණ ආය­ත­න­යක් වන යුරෝ­මො­නි­ටර් ඉන්ට­ර්නැ­ෂ­නල් ආය­ත­නය පව­සයි. එම නව වෙළ­ඳ­පො­ළෙන් කොට­සක් උදු­රා­ගැ­නීම සඳහා රූප­ලා­වණ්‍ය සමා­ගම් මහා­ද්වී­පය පුරාම තර­ග­ව­දිති. විශාල බහු­ජා­තික වෙ‍ෙළඳ සන්නා­ම­යන් අප්‍රි­කානු වෙළ­ඳ­පළේ ආධි­ප­ත්‍යය දරයි.

ඇම­රි­කානු සහ අප්‍රි­කානු කළු ජාතික කාන්තා­වක් සාමා­න්‍ය­යෙන් සුදු ජාතික කාන්තා­ව­කට වඩා තුන් ගුණ­ය­කින් පමණ ඇය­ටම ආවේ­ණික වූ කොණ්ඩය රැක­බ­ලා­ගැ­නී­මට, සකස් කර­ගැ­නී­මට, වර්ණ ගැන්වී­මට වෙහෙ­සෙන බව සමී­ක්ෂ­ණ­ව­ලින් සොයා­ගෙන තිබේ.

සුදු කාන්තා­වක් හා සස­ඳන විට ඇය කෙස් සඳහා රූප­ලා­වණ්‍ය නිෂ්පා­දන නව­යක් පමණ, වේශ නිරූ­පණ නිෂ්පා­දන හත­කට වඩා සහ සම රැක­ව­රණ නිෂ්පා­දන පහක් පමණ පරි­භෝ­ජ­නය කරන බව හෙළි වී ඇත. කොටින්ම නයි­ජී­රි­යාවේ කළු ළඳු­න්ගෙන් සිය­යට 77 දෙනෙකු සම සුදු කරන ආලේ­පන වර්ග භාවිත කරන බව සොයා­ගෙන තිබේ.

වෙළෙ­ඳ­පළ ඩැහැ­ගැ­නීම සඳහා තමන් මෙතෙක් නඩත්තු කළ “ ලස්සන පිළි­බඳ මොඩ­ලය” මද­කට බැහැර කිරීම කිසි­සේත්ම පාඩු ලබන කට­යු­ත්තක් නොවනු ඇත. මක් නිසාද යත් පෙර කී වෙළෙ­ඳ­පළ ඊට වඩා උස් මාන­යක පව­තින හෙයිනි. ඒ වෙළෙ­ඳ­පළ වෙනු­වෙන් හෙට දවසේ දී තව තවත් අප්‍රි­කානු රූප­රා­ජි­නි­යන් වැඩි වැඩි­යෙන් බිහි කෙරෙනු ඇත. (එයින් අද­හස් කරන්නේ එම ළඳුන් අව­ල­ස්ස­නය යන්න නොවේ)

වහ වෙන ලස්සන

රූප­ලා­වණ්‍ය කර්මා­න්තයේ ලාභා­පේ­ක්ෂා­වන් උදෙසා ලස්සන මාකට් කිරීම කොයි තරමේ අව­දා­නම් සහ­ගත තත්ව­ය­කට වර්ධ­නය වී තිබේ­දැයි කිව­හොත් එය මේ වන විට, ළමා රූප රාජිනී තරග, “කෘත්‍රීම රූප රැජින” (රූප­ලා­වණ්‍ය සැත්කම් කළ තර­ග­ක­රු­වන් සඳහා) තේරීමේ තරග පැවැ­ත්වීම දක්වා වර්ධ­නය වී තිබේ. රූප රාජිනී උම­තු­වෙන් හොඳ­ටම ආතුර වූ රට­වල් වන වෙනි­සි­යු­ලාව, ඉන්දි­යාව, චීනය, පිලි­පී­නය, දකුණු කොරි­යාව වැනි රට­ව­ල්වල (හෙට අනි­ද්දාට අප්‍රි­කානු රට­ව­ල්වල) වයස අවු­රුදු 20 සහ 30 වයස් කාණ්ඩ­වල සිටිනා නාග­රික කාන්තා­වන් රූප­ලා­වණ්‍ය සැත්කම් වැඩි වැඩි­යෙන් කර­ගැ­නීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. ජන­ප්‍රිය සැත්කම් අත­රට ඇස් වට­කුරු පෙනු­මක් ලබා­ගැ­නීම සඳහා ඇහි­බැම තුළට තට්ටු­වක් එක් කිරීම, නාසය පටු කිරීම, මේදය ඉවත් කිරීමේ සැත්කම් සහ පිය­යුරු තැන්පත් කිරීම ඇතු­ළත් වේ.

ඇතැම් රට­වල කුඩා කාලයේ සිටම ළම­යින් රූප රාජිනී තරග සඳහා පුහුණු කරන ආය­තන පව­ත්වා­ගෙන යයි. ඒ ආය­තන සඳහා ඉහළ ඉල්ලු­මක් තිබේ. ඒවා ඇත්ත­ටම බියුටි මෝල් ය. මේ මෝල් කොයි තරම් සාහ­සික දැයි කිව­හොත් ඒවායේ අවු­රුදු හතරේ පහේ ගැහැනු ළමුන්ට පවා ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීම දිරි­ග­න්වන අතර, වයස අවු­රුදු 4ට අඩු ගැහැනු ළම­යින්ට කැට්වෝක් කිරී­මට ද උග­න්වයි. වේග­යෙන් ප්‍රව­ර්ධ­නය කෙරෙන ලස්සන උම­තුව කෙසේ ද යත්, වැඩි­විය පැමි­ණීම ප්‍රමාද කර, උසින් වැඩි කර­ගැ­නීම සඳහා ඇතැම් මවු­පි­යන් තම 8 හෝ 9 හැවි­රිදි දිය­ණි­යන්ට හෝමෝන පවා එන්නත් කරන බව ඩේලි මේල් වාර්තා කරයි. මීට අම­ත­රව, අවු­රුදු 12ට අඩු ගැහැනු ළම­යින්ගේ මුහුණු ප්ලාස්ටික් සැත්කම් මඟින් වෙනස් කෙරෙන අතර, අවු­රුදු 16 හැවි­රිදි ළම­යින්ට කෘත්‍රිම පිය­යුරු තැන්පත් කිරීමේ ශල්‍ය­කර්ම සිදු කරයි. ඇතැම් ගැහැනු ළම­යින්ගේ ආහාර ජීර්ණ ක්‍රියා­ව­ලිය පාල­නය කිරීම සඳහා බඩ­වැ­ල්වල කොටස් සැත්කම් මඟින් ඉවත් කරයි. මුහු­ණට සිදු කළ ප්ලාස්ටික් සැත්කම් සහ පිය­යුරු තැප්පත් කිරී­මට අම­ත­රව තමා ආහාර අනු­භව කිරී­මෙන් වැළැකී සිටීම සදහා දිවට දැලක් මැසූ බවත්, වර්ෂ 2013 දී වෙනි­සි­යු­ලාවේ රූප­රා­ජිනී තර­ග­කා­රි­යක බීබී­සී­යට පවසා තිබිණ.

එමෙන්ම, හිත­කර අහි­ත­ක­ර­භාව පිළි­බඳ පර්යේ­ෂ­ණා­ත්ම­කව තහ­වුරු නොකළ මෙන්ම හානි­කර යැයි සනාථ කළ විශාල රසා­ය­නික ද්‍රව්‍ය ප්‍රමා­ණ­යක් ද රූප­ලා­වණ්‍ය නිෂ්පා­දන සඳහා භාවිත කෙරෙයි. ඒවායේ අතුරු ප්‍රති­පල නිසා ද ලොව පුරා ළඳුන් තම ජීවි­ත­ව­ලින් වන්දි ගෙව­මින් සිටියි. මේ වන විට ලොව පුරා සිටින ළඳුන් බොහෝ දෙනෙකු ලස්සන වීමේ නොතිත් ආශා­වෙන් පෙළෙන අතර, බොහෝ දෙනෙක් රූප රාජි­නි­යක් වීමේ සිහි­නයේ ද ගිලී සිටිති. ඒ සඳහා ඔවුන් නොක­රන අන­තු­රු­දා­යක දෙයක් නැත. මෙවැනි අන­තු­රු­දා­යක කට­යුතු සිදු කරන රූප­ලා­වණ්‍ය කර්මා­න්ත­ශාලා මේ වන විට නියා­ම­න­ය­කින් තොරව ශ්‍රි ලංකාවේ ද බියුටි සැලෝන් යන නාම­යෙන් බිහි වෙමින් තිබේ. වස විස යැයි සනාථ කෙරුණු බොහෝ රසා­ය­නික ද්‍රව්‍ය ප්‍රමා­ණ­යක් අන්ත­ර්ගත රූප­ලා­වණ්‍ය නිෂ්පා­දන රාශි­යක් ද මෙරට වෙළෙ­ඳ­පළේ සැරි­ස­රන බව ද වාර්තා වේ.

රූප­ලා­වණ්‍ය කර්මා­න්තය රැකියා උත්පා­ද­නය කර ඇති අතර, රජ­යට බදු ගෙවී­මට දායක වී ඇති නමුත් ලෝකය පුරා ළඳු­නට ඊට වඩා වැඩි හානි­යක් සිදු කර ඇත. ප්‍රමි­තීන් සහ නීති­රීති දුර්වල රාජ්‍ය­ය­න්ව­ලට රූප­ලා­වණ්‍ය නිෂ්පා­දන ඔස්සේ භයා­නක රසා­ය­නික ප්‍රහාර එල්ල වෙමින් තිබේ. එවැනි රට­ව­ල්වල දූෂිත දේශ­පා­ල­න­ඥ­යන් සහ බල­ධා­රීන් රූප­ලා­වණ්‍ය කර්මා­න්තයේ අහි­ත­කර ප්‍රති­ඵල ජන­තා­ව­ගෙන් වසන් කරන අතර, ඔවුන්ට අවැසි පරිදි නීති රීති සකස් කිරීම සහ වෙනස් කිරීම් සිදු කෙරෙ­මින් පවතී. එබැ­වින් අප, ලොව පුරා කළු ළඳුන් වැඩි වැඩි­යෙන් රූප රාජිනී තර­ග­වල ජය­ග්‍රා­හි­කා­වන් වීමේ ප්‍රීතිය සම­රන අතර තුර, වහ වහා බහු­ජා­තික රූප­ලා­වණ්‍ය සමා­ග­ම්වල උමතු ගව­යන් බැඳ දෑමී­මට අවැසි කඹ තර කර­ගත යුතු බව ද අව­ධා­ර­ණය කර­ගත යුතුය.

ගැමුණු සාලිය පෙරේරා
-සිළුමිණ

Share This:
Related Posts:

Post Top Ad