2020 නිදහස් දා ජාතික ගීය සිංහලෙන් පමණයි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

national-anthem-independence-day
2020 නිදහස් දා ජාතිකගීය සිංහලෙන් පමණයි
2020 පෙබරවාරි 4 වනදින පැවැත්වෙන 72 වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දෙසැ 23දා පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටයි. ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කරන ලද්දේ 2016 වසරේදී ය.

2016 දී දමිල භාෂාවෙන් ජාතික ගීය ගායනා කෙරූ හැටි මෙතැනින් බලන්න.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික උත්සවයට සමගාමීව රට පුරා පැළ සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම ජාතික උත්සවය අභිමානවත්ව පැවැත්වීමටද තීරණය කර ඇත.

ගාලුමුවදොර පැවැත්වූ නිදහස් දින උත්සවය මෙවර පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රයේදීයි. එමෙන්ම මේ වසරේ සැමරුම පොලිස් හා යුද හමුදාවේ පූර්ණ ගෞරවය සහිතව රාජ්‍ය ආයතන හා කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සංවිධානය කිරීමට ජනාධිපති ගෝඨාභයය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිවිධ හමුදා පෙර පුහුණු වීම් මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින්  පැවැත්වීමටත් උපදෙස් ලබා දී  ඇත.

Share This:
Related Posts:

Post Top Ad