කොරෝනා වෛරස් රෝගීන් වෙනුවෙන්ම සුදානම් කරන ලද ලංකාවේ රෝහල් 12 මෙන්න - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

coronavirus-sri-lanka-hospital-12
කොරෝනා වෛරස් රෝගීන්ටසුදානම් ලංකාවේ රෝහල් 12
හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් වාර්තා විය.2020 ජනවාරි 07 වන දින එම වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලදී.
මෙම රෝගයේ බීජෞෂණ කාලය (විෂබීජය ශරීරගත වූ දින සිට රෝග ලක්ෂණ පහළ වීම දක්වා ගතවන කාලය) දින 2 - 10 දක්වා බව දැනට තිබෙන දත්ත අනුව පැහැදිලි වේ.මෙම රෝගය පළමුව සතුන් ගෙන් (නාගයන්, මත්ස්‍යයන්, වවුලන්) මිනිසාට බෝවන බවට හඳුනා ගත්තද, දැන් මිනිසාගෙන් මිනිසාටද බෝවිය හැකි බව තහවුරු කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කරන ලද පළමු රෝගියා 2020 ජනවාරි 27 වන දින වාර්තා විය. එම පුද්ගලයා චීන ජාතික කාන්තාවක්  වන අතර මීට සති 2 කට පමණ පෙර සංචාරකයෙකු ලෙස දිවයිනට පැමිණ ඇත.
දැනට එම කාන්තාව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ(IDH) ප්‍රතිකාර ලබයි.මීට අමතරව තවත් රෝගීන් බවට සැක කරන 5 දෙනෙක් එම ආයතනයේ මේ වනවිට ප්‍රතිකාර ලබයි. ඉන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පහත දැක්වෙන රෝහල් 12 තුළ මෙම රෝගයට ප්‍රතිකාර ගැනම සඳහා විශේෂ පහසුකම් සලසා ඇත.

- ජාතික බෝවන රෝග විද්‍යායතනය MRI
- උතුරු කොළඹ ශික්ෂණ රෝහල-රාගම
- ගම්පහ මහ රෝහල
- මීගමුව මහ රෝහල
- ජාතික රෝහල-මහනුවර
- ශික්ෂණ රෝහල-කරාපිටිය
- ශික්ෂණ රෝහල- අනුරාධපුර
- ශික්ෂණ රෝහල-යාපනය
- ශික්ෂණ රෝහල- කුරුණෑගල
- පළාත් මහරෝහල-රත්නපුර
- පළාත් මහරෝහල-බදුල්ල
- ශික්ෂණ රෝහල-මඩකලපුව

නව කොරෝනා වෛරසයෙන් වැළකීමට පිළිපැදිය යුතු වත්පිළිවෙත් මෙතැනින්.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පලවූ සියලු පුවත් මෙතැනින්

Share This:
Related Posts:

Post Top Ad