ලංකාවේ පළමු කොරෝනා වෛරස් රෝගියා හමුවෙයි ;චීන ජාතික කාන්තාවක් - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

Confirmed case of Coronavirus in Sri Lanka
ලංකාවේ පළමු කොරෝනාවෛරස් රෝගියා හමුවෙයි |43 හැවිරිදි චීන ජාතික කාන්තාවක් 

අංගොඩ  ජාතික බෝවන රෝග විද්‍යාතනයට(IDH) ඇතුලත් කෙරුණු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.එලෙස
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා අද(ජන.27) හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.
නව කොරෝනා වෛරසයෙන්වැලකීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් උපදෙස් මෙන්න
ඇය මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ නිරෝධායනය කර සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා.

රෝගියාගේ ආශ්‍රිතයන්ද වහාම පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.

රෝගය පැතිරීම වැලැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය මෙම පුවත් වාර්තා කෙරූ හැටි

Share This:
Related Posts:

Post Top Ad