කොරෝනා වෛරසයෙන් වැලකීමට කලයුතු දේ මෙන්න - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

Novel Coronavirus (2019-nCoV) advice for the public | World Health Organization WHO
නව කොරෝනා වෛරසයෙන්වැලකීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් උපදෙස් මෙන්න
2019 නව කොරෝනා වෛරසය (2019- nCoV) යනු කුමක්ද ?

2019 වසරේ දෙසැම්බර් මස අවසන් භාගයේ චීනයේ වුහාන් නගරයේ පැතිරගිය ශ්වසන රෝග වසංගතයක් අලුත් වෛරසයක් හේතුවෙන් ඇතිවූ බව සොයාගනු ලැබිණි.ඉන්පසු 2020 ජනවාරි 7 වනදා චීන බලධාරීන් පැවසුවේ එය අලුත් වෛරසයක් බවත් එය කොරෝනා වෛරස් ගණයට අයත් වන බවත්ය.
එම වෛරස් ගණය වැළදුණු විට සිදු වන්නේ සාමාන්‍ය උණ මට්ටමේ සිට මාරාන්තික ශ්වසන අපහසුතා දක්වා ගමන් කිරීමයි.මෙය මින් පෙර වසංගත ලෙස පැතිර ගිය MERS-CoV සහ සාර්ස්(SARS) රෝග ඇතිකළ කාණ්ඩයේම වෛරසයක් වේ. මෙම වෛරසය 2019-nCoV ලෙස තාවකාලිකව නම් කෙරිණ.
               පළමුව මෙය ඇතිවුයේ සත්ව වෙළදපොලක් ආශ්‍රිතව වීම නිසා මෙය සතුන්ගෙන් බෝවූ රෝගයක් ලෙස සැලකූ නමුදු මෙය සෘජුවම මිනිසුන් අතර බෝවන රෝගයක් බව මේ වනවිට සොයා ගෙන ඇත.

වසංගත රෝග පැතිරයාමේ ප්‍රවණතා අනුව මේ තත්වය වසංගතයක ආරම්භක අවස්තාව ලෙස දැකිය හැක. ශ්‍රී ලංකාවට මෙය පැතිරයාමේ බලවත් අවදානමක් ඇත්තේ මේ රෝගය පැතිර යන රටවල් ලාංකිකයන් බහුල ලෙස සංචාරයේ යෙදෙන බැවිනි. බොහෝවිට මෙය රට තුලට ඇතුළුවීම වැලැක්වීම අසීරු වන අතර මෙය පැතිරයාම අවම කිරීම සදහා සෑම පුද්ගලයෙකුටම දායකත්වයක් ලබා දිය හැක.

 ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ,මෙම වෛරසය ශරීරයට ඇතුළු වීම වැලැක්වීමට අනුගමනය කලයුතු ක්‍රියා පිළිවෙත් හඳුන්වා දී ඇත.පහලින් ඔබට ඒවා බැලිය හැක.

නව කොරෝනා වෛරස රෝගයෙන් වැලකීම සදහා…

*සබන් යොදා නිතර අත් සෝදන්න

ශ්වසන මාර්ගයෙන් පැතිරයන රෝග වැලැක්වීම සදහා ඉතාම ආරක්ෂාකාරී පිළිවෙතක් වන්නේ දෑත් පිරිසිදුව තබා ගැනීමයි. ඔබට දෑත අපිරිසිදුයි හැගෙන ඕනෑම අවස්ථාවක සබන් හෝ සබන්දියර යොදා අත් සේදීම කල යුතුය. මීට අමතරව නිතර පොදු ස්ථාන වලට යන පුද්ගලයන් සදහා දෑත් පිරිසිදුකාරක භාවිත කල හැක.
බස්, දුම්රිය හෝ පොදු ප්‍රවාහන භාවිතයෙන් පසු
සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් පසු
සත්වයින් හෝ සත්ව අපද්‍රව්‍ය ඇල්ලීමෙන් පසු
රෝගී පුද්ගලයෙක් ඇල්ලීමෙන් පසු
ආහාර පිළියෙළ කිරීමට පෙර හා අනතුරුව
ආහාර ගැනීමට පෙර
වැසිකිලි භාවිතයෙන් පසු

*කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට,මුඛය වැලමිටේ ඇතුලු පැත්තෙන්,ටිෂූ මගින් ආවරණය කරගන්න.
*උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)
*ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න
*නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න.
*අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න.
*කැලෑ සතුන් හෝ ගොවිපල සතුන්ට සමීප වීමෙන් වළකින්න.


රෝග ලක්ෂණ
නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බොහෝ විට සාමාන්‍ය කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමග ඇතිවන උණ රෝගයට සමාන විය හැක. ඔබට පහත සදහන් රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ.

උණ
කැස්ස
හුස්ම ගැනීමේ අපහසුව
උගුරේ වේදනාව



















Share This:
Related Posts:

Post Top Ad