ශ්‍රී ලංකාව 2020 වසරේ හොඳම CNN සංචාරක ගමනාන්ත 20 ලිස්ට් එකට - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

2020-top-destination-travel-CNN
2020 CNN සංචාරක ලිස්ට් එකට ශ්‍රී ලංකාවත්

ලෝ ප්‍රකට CNN(සී.එන්.එන්.)පුවත් සේවය මේ වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත.

CNN පුවත් සේවයේ ‘සී.එන්.එන්. ට්‍රැවල්’ වෙබ් අඩවියේ කර්තෘවරු වාර්ෂිකව එලෙස සංචාරයට හොඳම ස්ථාන නම් කරති. එම ස්ථාන ඔවුන්ගේ වාර්ෂික ලැයිස්තුවට එක් කෙරේ.
 සී.එන්.එන්. ට්‍රැවල් වෙබ් අඩවිය මේ අයුරින් 2018 වසරේ දී ස්ථාන 18ක් ද 2019 වසරේදී ස්ථාන 19ක් ද නම් කළේය.

 2020 වසරේ සඳහා හොඳම ස්ථාන 20 අතරට ඇතැම් රටවල් ද ඇතැම් රටවල නගර හා ස්ථාන ද නම් කර තිබේ.

 පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වුවද ඉතිහාසය, විහාරස්ථාන, ඉපැරැණි මාලිගා, පෞරාණික නටඹුන්, වනජීවින් හා සොබා සම්පත නිසා ශ්‍රී ලංකාව නැරැඹිය යුතුම ස්ථානයක් ලෙස තවමත් නොනැසී පවතින බව සී.එන්.එන්. ට්‍රැවල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

දකුණු ආසියානු කලාපයේ කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව වසර 2,000ක ඉතිහාසයකින් සමන්විත සංකීර්ණ හා ශක්තිමත් පෞඪ ශිෂ්ටාචාරය හිමි රටක් වීම එම ලැයිස්තුවට එක්වීමට ප්‍රධාන වූ හේතු යැයි එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ, පොළොන්නරුව, සීගිරිය, දළදා මාලිගාව සහ මහනුවර ඇසළ පෙරහර(ජූනි 26-ජූලි 16), මින්නේරිය ජාතික උද්‍යායනය, වන අලි ශ්‍රී ලංකාවේ වටිනාකමටත් ‘සී.එන්.එන්. හොඳම 20’ එකතුවීමටත් ඉහළ දායකත්වයක් දී තිබේ.

 ශ්‍රී ලංකාවට අමතරව 2020 වසරේ සංචාරයට සුදුසු ස්ථාන අතරට,
චිලී රාජ්‍යයේ ‘චිලියන් ලේක් දිස්ත්‍රික්’,
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර,
ජෝර්දානයේ මළ මුහුද,
ඩොමිනිකා රාජ්‍යය,
එස්තෝනියාව,
අයර්ලන්තයේ ‘ගල්වේ’,
ජැමෙයිකාව,
කිර්ගිස්තානය,
ජපානයේ ‘කියුෂු’ දූපත,
ප්‍රංශයට අයත් භූමි ප්‍රදේශයක් නිව් කැලිඩෝනියාව,
බ්‍රසීලයේ පරාටි නගරය සහ ඉල්හා ග්‍රාන්දේ දූපත,
මධ්‍යම අප්‍රිකාවේ සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ රාජ්‍යය,
රුසියාවේ ශාන්ති පීටර්ස්බර්ග් නගරය,
ටියුනීසියාව,
බිටිෂ් කොලොම්බියාහි වැන්කුවර් දූපත්,
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර,
ජර්මනියේ වුපර්ටන්,
ඇමෙරිකා එක්සත් ජනපදයේ වයෝමින්ග් සහ සැම්බියාව 2020 සංචාරයට හොඳම ස්ථාන ලෙස නම් කර තිබේ.

Sri Lanka makes CNN list of top travel destinations for 2020

CNN link HERE
CNN Travel's 20 best places to visit in 2020


Share This:
Related Posts:

Post Top Ad