මුඛ ආවරණ සඳහා රජය යෙදූ උපරිම සිල්ලර මිල මෙන්න - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

surgical-face-mask-price-in-sri-lanka
මුඛ ආවරණ සඳහා රජය 
යෙදූ උපරිම සිල්ලර මිල මෙන්න 

කොරෝනා වෛරසය පිලිබඳ ජනතාව තැති ගැන්මකට ලක්වී ඇති මේ අවස්ථාවේ විවිධ වෙළඳසැල් තුලින් මුඛ ආවරණ මිලඳී ගැනීමේ ප්‍රවනතාව වැඩි වී තිබේ.මේ හේතුවෙන් ඇතැම් වෙළඳුන් වරක් පාවිච්චි කර ඉවත දැමිය හැකි මුඛ ආවරණ පවා නියමිත අගයට වඩා වැඩි මිලකට අලෙවි කරන බවට චෝදනා එල්ලවිය.
එම නිසා වෙළදපොළෙහි  විකිණිම සඳහා  ඇති මුඛ ආවරණ  සඳහා  උපරිම සිල්ලර මිලක් නියම කිරීමට  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය ඊයේ (29)  තීරණය කර තිබේ.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක වේ.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව මෙම නියම කිරීම සිදු කර ඇත.

ඒ අනුව ,

ඉවත දැමිය හැකි මුඛ ආවරණ -නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන)  රුපියල් 15 ක් වැනි මුදලකටද,

ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන)  රුපියල් 15 ක් වැනි මුදලකටද,

මූණ  ආවරණ (එන් 95 වර්ගය - අංශු ශ්වසන පෙරණය) -රුපියල් 150 ක් වැනි මුදලකටද අලෙවියට මිල නියම කර  තිබේ.

ඉහත මිල ගණන් අභිබවා මුඛ ආවරණ  අලෙවි කරනු ලබන වෙළෙදුන්ට‌ සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.

Share This:
Related Posts:

Post Top Ad