[VIDEO] Caravan Fresh රටටම කල් ඉකුත් වූ කෑම කවලා ; බේකරියට සීල් තැබෙයි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

හලාල් කැරවෑන් ප්‍රේෂ්ලගේ 
කැරැට්ටුව එලියට  

Caravan Fresh සන්නාමයෙන් පිහිටා ඇති බේකරි නිෂ්පාදන අලෙවි කරන ශාඛා ජාලයේ මහා පරිමාණ ආහාර නිෂ්පාදනාගාරයේ ගබඩාව සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හදිසි වැටලීමක් කර තිබෙනවා.මෙය මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩාවකි.
එහිදී කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර ටොන් 17.5ක් එම හැදල - වත්තල ප්‍රදේශයේදී හමුවී තිබෙනවා.
එහි වටිනාකම රුපියල් මිලියන 15කට අධික බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

මෙම ආයතනය ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. එහිදී 
කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් මෙම ජාවාරම සිදුකර තිබේ. 
එම ආහාර නිෂ්පාදනාගාරයේ තිබී කල් ඉකුත් වූ කස්ටඞ් පවුඩර්, පාන් සෑදීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය, බටර්, කේක් ඩෙකරේෂන්,සමෝසා සෑදීමට භාවිත කරන පිටි, වැනිලා සහ ඇපල් බීම වර්ග ද සොයාගෙන ඇති බව සඳහන්.

අදාළ සමාගමට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරෙන අතර, භාණ්ඩ සහිත ආහාර නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද සහාය ලබා දී ඇත.

තවද මෙම සමාගම හලාල් සහතිකයද ලබාගෙන ඇත.හලාල් සහතිකය නිකුත් කරන ඉස්ලාමීය උලමා වරුන් සඳහන් කරන්නේ එම සහතිකය නිකුත් කරන්නේ ඉස්ලාමීය ශරියා නීති රීති අනුව ආහාර නිෂ්පාදනය කරන ආයතනවලට පමණක් බවයි.හලාල් සහතිකයද මේ වන විට මිනිසුන් විශ්වාස නොකරන බව ආරංචි මාර්ග පවසයි. 

http://hac.lk/certified/brands/caravan-fresh

වීඩියෝ පහලින් බලන්න 


Share This:
Related Posts:

Post Top Ad