ජනපති අතින් විවෘත වූ ආනන්දයේ සත් මහල් ගොඩනැගිල්ල මෙන්න - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

Gotabhaya-Rajapaksa-colombo-ananda
ජනපති අතින් විවෘත වූ ආනන්දයේසත් මහල් ගොඩනැගිල්ල මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද දින (07) පෙරවරුවේ  සිසු අයිතියට පත් කෙරිණි.
ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.

පෝතක බාලදක්ෂයන්ගේ පිළිගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන්ගේ යෂ්ටි උත්තමාචාරය මැද පීඨිකාවට පිවිසි ජනාධිපතිතුමා වෙත ශිෂ්‍ය භට උත්තමාචාරයක් ද පිළිගැන්විය.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරු ආනන්දීයන් සිහිපත් කරමින් ජනාධිපතිතුමා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත් මහල් ගොඩනැගිල්ල මෙයයි. වැය කළ මුදල රුපියල් කෝටි 62කි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් 2015 ජනවාරි මස 01 දින ඉදිකිරීම් සඳහා මුල් ගල් තැබිණි.





Share This:
Related Posts:

Post Top Ad