වසර 31කට පසු ඉන්දියා ක්‍රිකට්,3-0 ලෙස ODI තරඟාවලියක් පරාද වෙයි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

India vs New Zealand: First time in 31 years! India suffer ODI series whitewash
වසර 31කට පසු ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ සායම සේදෙයි 

තරඟ 3 කින් හෝ  ඊට වඩා වැඩි තරඟ ගණනිකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුව සියලුම තරඟ පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවී තිබේ.
ඒ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් නවසීලන්තයේ පැවැති එක්දින තරඟාවලිය 3 ට බින්දුවක් ලෙස ලෙස ඉන්දියාව පරාජයට පත්වීමත් සමගිනි.

ඊයේ (11දා) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන්ද නවසීලන්ත කණ්ඩායම ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පරායට කරමින් එම තරඟාවලියේ සියලු තරඟ ජය ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 296/7ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47.1 කදී ලකුණු 300/5ක් රැස්කරමින් තරගය ජයගත්තේය.

ඉන්දියාව අවසන් වරට තරඟ තුනකින් හෝ ඊට වඩා තරග ගණනකින් යුත් තරගාවලියක පරාජයට පත්ව තිබුණේ 1989 වසරේදීය.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පැවැති එක්දින තරගාවලියක් 5-0ක් ලෙස පරාජයට පත්වෙමිනි.

ඊට පෙරද එනම්  1983 වසරේදී ඉන්දීය කණ්ඩායම කොදෙව්වන් හමුවේදීම තරග 5-0ක් ලෙස පරාජයට පත්ව තිබුණි.

Share This:
Related Posts:

Post Top Ad