අවුරුදු 43 ශකිරා සහ අවු 50 ජෙනිෆර් ලෝපේස් ගේ නැටුම - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

Shakira & J. Lo's FULL Pepsi Super Bowl LIV Halftime Show
අවුරුදු 43 ශකිරා සහඅවු 50 ජෙනිෆර් ලෝපේස් ගේ නැටුම

විදෙස් රටක වීඩියෝවක් අපේ YouTube trending list එකේ Top 10 අතරට එන එක විශේෂයි. මේ මොහොතේ එහෙම වීඩියෝවක් ඇවිත් තියෙනවා. ඒ තමයි පසුගිය ඉරිදා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි ගාඩ්න්ස් හි Hard Rock ක්‍රීඩාංගණයේ පැවැත්වුණු පනස් හතර වන Super Bowl තරඟයේ halftime එකේදී
ජාත්‍යන්තර කීර්තිය දිනූ ගායන ශිල්පිනියන් වන ශකීරා සහ ජෙනිෆර් ලෝපේස් විසින් ඉදිරිපත් කෙරුණු, ලෝකයම මවිත කළ performance එක. ශකීරාට වයස අවුරුදු 43ක්. ජේලෝට වයස අවුරුදු 50ක්. නමුත් වර්තමාන නාඹර තරුණියන්ට තවමත් ඔවුන් එක්ක හැරෙන්න තියා හිතන්නවත් බෑ කියන දේ දෙන්නත් එක්ක ලෝකයටම පෙන්නුවා. වයින් වල වටිනාකම සහ රසය වැඩිවෙන්නේ වයසින් වැඩි වෙනකොට කියන සුප්‍රසිද්ධ කියමන ඉතා මැනවින් යළි යළිත් තහවුරු කරන්න ශකීරා සහ ජෙනිෆර් ඉරිදා(පෙබ. 2) රාත්‍රියේදී සමත් වුණා.

Super Bowl performance එක ගැන කියන්න කලින් Super Bowl කියන්නේ මොකද්ද කියලා බලමු. නම අහපු ගමන් ලංකාවේ අපිට මතක් වෙන්නේ ලොතරැයියක් වුණාට මේක ඇමෙරිකානු පාපන්දු සම්බන්ධ සිද්ධියක්. ඇමෙරිකානුවන් පාපන්දු හෙවත් football කියන්නේ අපිට පුරුදු football ක්‍රීඩාවට නෙවෙයි. ඇත්තටම ඇමෙරිකානු football එකට පාද අවශ්‍ය වෙන්නේ දුවන්න විතරයි. මොකද ඒ බෝලය අතින් අරගෙන කිහිල්ලේ ගහගෙන දුවගෙන ගිහින් touchdown කිරීමක් තමයි තියෙන්නේ. මෙන්න මේ emoji එකෙන් පෙන්නන්නේ ඇමෙරිකානු football එක. 🏈
සරලව කිවුවොත් ඇමෙරිකානු football ක්‍රීඩාව රග්බි ක්‍රීඩාවට ගොඩක් සමානයි. චිත්‍රපට වල දැකලා ඇති, හොඳට උරහිස් පළල් වෙන විදිහට ආවරණයක් පැළඳගෙන, හිස්වැස්මක් දාගෙන කරන මේ ක්‍රීඩාවේ නියැලෙන ආකාරය. Super Bowl කියන්නේ ඇමෙරිකාවේ ජාතික football ක්‍රීඩා ලීගය (National Football League - NFL) විසින් වාර්ෂිකව සංවිධානය කරන ශූරතාවයේ කූටප්‍රාප්තිය, අවසන් මහා තරඟය. 1967 දී ආරම්භ වුණු Super Bowl එක මෙවර පැවැත්වුණේ 54 වන වතාවට.

තරඟයක halftime එක කියන්නේ මොකද්ද කියන එක හැමෝම දන්නවනේ. ඒ halftime එක ඇතුළේ ක්‍රීඩාංගණය හිස්ව තියෙනවාට වඩා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වින්දනීය යමක් දෙන්න NFL අධ්‍යක්ෂවරු තීරණය කරනවා. ඒ විදිහට Super Bowl වෙනුවෙන් එකතු වුණු විචිත්‍රවත් අංගය තමයි තවමත් කතාබහට ලක්වෙන halftime performance එක.
1990 වර්ෂය වන තෙක් halftime එකේදී ඉදිරිපත් වුණේ පාසල් සහ විශ්වවිද්‍යාල වල තූර්ය වාදන කණ්ඩායම් මඟින් ඉදිරිපත් කළ සංදර්ශන. මේ halftime එක මීට වඩා ආකර්ෂණීය මොහොතක් ලෙස භාවිත කරන්න වාදන කණ්ඩායම් වෙනුවට එවකට අතිශය ජනප්‍රිය New Kids on The Block කණ්ඩායම වගේම ග්ලෝරියා එස්ටෙෆාන් යොදාගන්නත් Super Bowl සංවිධායකයෝ කටයුතු කරනවා. Halftime Show එකට හරිම වටිනාකම ලැබෙන්නේ පොප් රජු මයිකල් ජැක්සන් 1993 දී 27 වන Super Bowl halftime show එක වෙනුවෙන් පැමිණීමත් සමඟයි. එදා සිට අද දක්වා විවිධ ගායක ගායිකාවන් විසින් මේ උත්සවය හැඩ කරනවා.

Halftime Show එක සම්බන්ධව තියෙනවා විශ්වාස කරන්න අමාරු විශේෂ කාරණයක්. මේ performance එක වෙනුවෙන් NFL එකෙන් ගායක ගායිකාවන්ට සත පහක්වත් ගෙවන්නේ නෑ. ඒ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අවශ්‍ය වේදිකා නිර්මාණය, සැලසුම්කරණය, ආලෝකකරණය, වස්ත්‍රාභරණ නිර්මාණය, නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ පඩි නඩි, ගමනාගමන වියදම් ආදි සියල්ල NFL එක විසින් දරනවා. දළ වශයෙන් මේ halftime performance එක වෙනුවෙන් වර්තමානයේ ඇමරිකානු ඩොලර් මිලියන 10කට අධික මුදලක් වැය වෙනවා. නමුත් මේ වෙනුවෙන් එන කලා ශිල්පීන්ට ශිල්පිනියන්ට කවදාවත් කිසිම මුදලක් ගෙවන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් කලා ශිල්පීන් හොඳින්ම දැනුවත්. ඔවුන් බොහොම කැමැත්තෙන් ඒ තීරණය හා එකඟ වෙනවා. මේ විනාඩි 15ක වැඩේට දිවා රෑ නොබලා මාස ගණනක් වෙහෙස මහන්සි වෙනවා.

ලෝකයේ ධනවත්ම ගායක ගායිකාවෝ ඇයි මේ වගේ දැවැන්ත වැඩකට අතින් කයිට් කරගෙන නොමිලේ සහභාගි වෙන්නේ?
ඊට සාධාරණ හේතුවක් තියෙනවා.
අපිට ආගන්තුක වුණාට Super Bowl කියන්නේ ලෝකයේ වැඩිම ග්‍රාහක පිරිසක් අමතන ක්‍රීඩා උත්සවයක්. මේ සඳහා වන ප්‍රවේශ පත්‍රයේ මිල ඩොලර් 4000ත් 5000ත් අතර අගයක් ගන්නවා. රූපවාහිනියෙන් සජීවීව නරඹන ලොව පුරා ප්‍රේක්ෂකයන් අතරේ ඇමෙරිකානු ප්‍රේක්ෂකයින් ගණන පමණක් මිලියන 100කට අධිකයි. මේ තරම් දැවැන්ත ප්‍රමාණයක පිරිසක් එකවර සජීවීව අමතන්න, තමන්ගේ හැකියාව පෙන්වන්න, තමන්ව ප්‍රවර්ධනය කරගන්න ඉඩ ලැබෙන තවත් වේදිකාවක් මේ පෘථිවිය මත නෑ. ඒ නිසාම Super Bowl එකේ perform කරන අවස්ථාව ලබාගන්න එකත් ලේසි නෑ.

Super Bowl performance එකක් කියන්නේ කලාකරුවෙක්ට දැවැන්ත අනාගත ආයෝජන‍යක්.
Spotify අඩවියට එකතු කළ ජස්ටින් ටිම්බලේක්ගේ ගීත stream කිරීමේ ප්‍රතිශතය 2018 වසරේ ඔහුගේ halftime performance එකෙන් පසුව ගත වුණු පළමු පැයේදී පමණක් 214% කින් ඉහළ ගොස් තියෙනවා.
2017 දී ලේඩි ගාගාගේ performance එකෙන් පසුව සතියක් ඇතුළත බිල්බෝඩ් දර්ශකයේ 62 වන ස්ථානයේ සිට දෙවන ස්ථානයට ශීඝ්‍ර වර්ධනයක් ඇය විසින් හිමිකරගත්තා.
2013 දී බියෝන්සේ ගේ halftime performance එකෙන් පසුව අන්තර්ජාලයේ ඇයගේ නම පිරික්සන ප්‍රතිශතයත් ඇයගේ ප්‍රසංග වල ප්‍රවේශපත් අලෙවි වීමේ ප්‍රතිශතයත් 100%කින් ඉහළ ගොස් තියෙනවා.
2019 දී halftime එක හැඩ කරන්නේ සුප්‍රසිද්ධ ඇඩම් ලෙවීන් ප්‍රමුඛ Maroon 5 කණ්ඩායම සහ ට්‍රැවිස් ස්කොට් විසින්. ඉන් පසු Maroon 5 කණ්ඩායම ඇමෙරිකාවේ නාගරිකව පවත්වන ප්‍රසංග වලින්, ඒ කියන්නේ ලෝක සංචාර නැතුව, හරියට අපේ මෙගා බ්ලාස්ට්, ඇටෑක් ෂෝ, කඩමණ්ඩිය ආකාරයට පැවැත්වෙන නාගරික ප්‍රසංග වලින් ලැබෙන ආදායම ඩොලර් ලක්ෂ දෙකේ සිට මිලියන 1.7 දක්වා වර්ධනය වී තියෙනවා. ට්‍රැවිස් ස්කොට්ගේ ආදායම එහෙම්පිටින්ම දෙගුණ වෙන්න halftime show එක බලපෑවා. 2020ක් වෙලත් තවමත් ඔහුට එහි ප්‍රතිලාභ තියෙනවා. 2018 වසරේ පමණක් ඔහුගේ ආදායම ඩොලර් මිලියන 58ක්.
කේටි පෙරී සාර්ථකත්වය කරා වේගයෙන් ඉදිරියට ඇදුණේ 2015 දී ඇය සහභාගි වුණු halftime show එකෙන් පසුවයි. විවිධ සන්නාම වලින් ඇයට වෙනදාට වඩා අනුග්‍රහය දක්වන්නත්, රියැලිටි ගායන වැඩසටහන් වලින් තමන්ගේ විනිසුරු මඬුල්ලේ සාමාජිකාවක් වෙන්න ඇයට ආරාධනා කරන්නත් හේතු වුණේ ඇයට ලැබුණු halftime show ඉඩ මැනවින් භාවිත කළ නිසයි.

දැන් එතකොට මේ සිද්ධිය මේ සැරේ හිටිය දෙන්නට වාසිදායක වුණේ කොහොමද කියලා බලනවා ඇති.
ශකීරා, ජෙනිෆර් ලෝපේස් දෙදෙනාම තමන්ගේ performance එක හරහා පෙන්වන්නේ තමන්ගේ ලතින් ඇමෙරිකානු පසුබිම. ඒ වෙනුවෙන් සිදුවුණු ප්‍රවර්ධනය අතිසාර්ථකයි.
ජෙනිෆර්ට අවස්ථාව ලැබෙනවා තමන්ගේ දියණියව අමතර වියදමකින් තොරව සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්න. ලෝකයම දැන් ඇය ගැන උනන්දුයි.
ශකීරා සම්බන්ධයෙන් දෙන්න පුළුවන් හොඳම උදාහරණය බලන්න යන්න YouTube එකට. එදා Super Bowl එකේදී ගැයුණු, 2014 වසරේ නිකුත් වුණු, බොහෝ දෙනෙක් දන්නා Whenever Wherever, Waka Waka, Hips Don't Lie තරමට ජනප්‍රිය නොවුණු 'Empire' ගීතයට නැවතත් මුළු ලෝකයේම ආකර්ෂණය යොමු වෙන ආකාරය ඔබට ශකීරාගේ YouTube channel එකෙන් සියැසින්ම දැකගන්න ලැබේවි. 'Empire' ගීතය Spotify අඩවියේ පමණක් stream කිරීමේ ප්‍රතිශතය 2135% කින් ඉහළ ගොස් තියෙනවා.
ඔව්. කියෙව්වා හරි. සියයට දෙදහස් එකසිය තිස් පහකින් ඉහළ ගොස් තියෙනවා.
Neilsen සමීක්ෂණ වාර්තා වලට අනුව ඒ විනාඩි 15 ඇතුළත ශකීරා සහ ජේ.ලෝ. දෙදෙනාම ඉදිරිපත් කෙරූ ගීත සියල්ල අලෙවි වීමේ ප්‍රතිශතය 1013%කින් (සියයට එක්දහස් දහතුනකින්) ඉහළ ගිහින්.

ඉතිං, අතින් කයිට් කරගෙන විනාඩි 15ක් මහන්සි වුණාට පාඩු ද?

Super Bowl Halftime Performance එක හැම අවුරුද්දෙම මං ආසාවෙන් බලන අංගයක්. මෙවර halftime show එක පෙර ඒවාට සාපේක්ෂව සුවිශේෂී මොහොතක්. හතර පස්පාරක්ම බැලුවා. මැදි වියට ඇවිල්ලත් තවමත් ලෝකයේ සරාගීම කාන්තාවන් විදිහට වැජඹෙන ජේලෝ ගේත් ශකීරාගේත් සදාතරුණ රහස මොකද්ද කියලා මට හිතාගන්න බෑ. රන්ජන් කිවුවා වගේ, "ඒ අයගේ ජීන්ස් හොඳයි" වෙන්න ඇති.

- ෂෙනාල් ගුණසේකර -

වීඩියෝව පහලින් බලන්න


Share This:
Related Posts:

Post Top Ad