කොළඹ - යාපනය ගුවනින් යන්න රු 7500 ට දැන් ඔබට පුළුවන් - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

colombo-jaffna-flight
කොළඹ - යාපනය ගුවනින් යන්නරු 7500 ට දැන් ඔබට පුළුවන්
කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් 2020 පෙබරවාරි 1 සිට අරඹා තිබේ.අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙය ක්‍රියාත්මක බව කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙරට අභ්‍යන්තර ගුවන්සේවා පුළුල්කරන බව සහතික වී තිබේ. ඒ අනුව යාපනය, මඩකලපුව,මත්තල, කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන්ගමන් වැඩි දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.යාපනය පලාලි නව අභ්‍යන්තර ගුවන්සේවය ආරම්භ කෙරෙන්නේද මෙම වැඩසටහනට අනුව බව ඇමතිවරයා කීය.

රත්මලාන ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන්තොටුපල කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පවසන්නේ ෆිටිස් ගුවන් සමාගම මෙම ගුවන් යානය යොදවා ඇති බවයි. ATR 72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙනයා හැකි ගුවන්යානයක් අදාල සමාගම විසින් මේ සදහා යොදවා ඇත.

සෑම සඳුදා , බදාදා සහ සෙනසුරාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි.

රත්මලානෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ලඟා වන්නේ පෙ.ව. 8.20 ටයි.

නැවතත් පෙ.ව. 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය පෙ.ව. 10.20 ට රත්මලාන බලා පිටත්ව ඒමට නියමිතය.


කොළඹ සිට යාපනයට ගමන් කිරීම සදහා එක් මගියකුගෙන් රු 7500 ක් අයකරනු ලැබේ. ඒ අනුව කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹ පැමිණිම සඳහා එක් මගියකුගෙන් රු 15,000 ක් අයකරගනී.

මීට පෙර යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේ දී එක් මගියකුගෙන් ඒ සඳහා රුපියල් 33,000 ක් අය කෙරිණි.

යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක්, යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන් සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

2002-2004 කාලයේදී යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරුණු අතර, පසුගිය යුද ගැටුම් පැවති සමයේදී ලයන් එයාර් ගුවන් යානයක් කඩා වැටිමේ සිද්ධියත් සමඟ යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් සම්පුර්ණයෙන්ම නතර විය.

2009 යුද ජයග්‍රහණයෙන් පසු නැවත යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළ අතර A-9 මාර්ගය විවෘත වීමත් සමඟ මගීන් වැඩි වශයෙන් එම මාර්ගය භාවිතා කිරීමෙන් අභ්‍යන්තර ගුවන් ගමන් අඩාල වූ බව අමාත්‍යාංශය සදහන් කරයි.

යාපනය කොළඹ අතර එම කාලයේදී අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කෙරුණේ මගීන් 12 කට පමණක් යා හැකි කුඩා ගුවන් යානයකි. ඒ අනුව මගීන් 70 ක් එකවර ගෙන යා හැකි ගුවන් යානයක්  නියමිත කාල සටහනකට අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සදහා යොදවන මෙරට පළමු අවස්ථාව ද මෙය වේ.

අනාගතයේදී මෙම ගුවන් සේවාව දිනපතා ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඔහු පවසයි.

colombo-jaffna-flight-1

colombo-jaffna-flight-2

colombo-jaffna-flight-3

colombo-jaffna-flight-4

colombo-jaffna-flight-6


Share This:
Related Posts:

Post Top Ad